Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පෑලියගොඩ පොලිසියේ බව කියන ජීප් රථයක් ඊයේ උදෑසන සිට රාජාංගනය ප්‍රදේශයේ සංචාරය කරන බව වාර්තා වෙනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරී සිසුවෙක් සොයමින් මෙසේ සැරිසරන බවයි පැවසෙන්නේ.

එම පිරිස විසින් සැක කරන නිවෙස් වෙත බලහත්කාරයෙන් ඇතුල්වෙන මේ කණ්ඩායමේ කිසිවෙක් මුව ආවරණ පැළඳ නොසිටින බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ අතර රාජාංගනය පොළ භූමියේදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට විරෝධය දක්වමින් අත්පත්‍රිකා බෙදූ අය රාජාංගනය පොලිසිය විසින් සොයා බලන බවත් සඳහන් වෙනවා.

තමන්ට අවශ්‍යයැයි සිතන කෙනා නිවෙස් වල නැත්නම් ‘පරිසමින් ඉන්නවලා අපිට ආපහු එන්න වෙයි’ යනුවෙන් බිය වද්දන බවත් නිවෙස් වල අය පවසනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *