අන්තවාදය හා ජාතිවාදය පතුරුවන ඉස්ලාම් අන්තවාදී සංවිධාන විසින් මෙරටට රැගෙන එන අන්තවාදී අදහස් ඇතුළත් පොත්පත් හඳුනාගෙන ඒවා රට තුළට ඒම වැළැක්වීම සඳහා බුද්ධි අංශ නිළධාරීන්ට අරාබි භාෂාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, මාස හයක පමණ අරාබි භාෂා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මීට සති කිහිපයකට ඉහතදී ආනයනකරුවෙකු විසින් විදෙස් රටවලින් ආනයනය කළ පොත් තොගයක තිබී වහාබ් අන්තවාදය පැතිරවීම සඳහා භාවිතා කරන පොත් දහසකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අරාබි භාෂාව දන්නා නිලධාරීන් ලවා පරීක්ෂා කිරීමේ දී අන්තවාදය පතුරුවන සංහිඳියාවට බාධා එල්ලවිය හැකි පොත් ඒ අතර තිබෙන බව හෙළි වී තිබේ.
මතුව ඇති තත්වය හමුවේ ඉස්ලාමීය ආගමික කරුණු ඇතුළත් පොත් මෙරටට ආනයනය කිරීමේදී ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබාගත යුතු බවට නියෝගයක් නිකුත් කර ඇති අතර මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශය විසින් රේගු දෙපාර්තමේන්තුව සහ ඉස්ලාම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.