Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය කළ මෝටර් රථයේ හිමිකරු හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.

එහි මුල් හිමිකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු විසින් එම මෝටර් රථය අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට විකුණා ඇති බවත් හෙළිවී තිබෙනවා.

අනාරක්ෂිත ලෙස අධිවේගයේ ගමන් කළ තරුණයින් පිරිසක් එම වාහනයේ දොර කවුළු මත හිඳගෙන අවධානම් සහගත ලෙස ගමන්කරන අයුරු විඩියෝවක් දැක්වුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ දී එම සිදුවීම සිදුව ඇති අතර, ඊට පිටුපසින් ගමන් කළ තවත් රථයකින් අදාළ සිද්ධිය වීඩියෝගත කර තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළා.

මෙම සිද්ධියට අදාළ ප්‍රධාන වැරදි ලෙස අපරික්ෂාකාරී රිය ධාවනය, මහාමාර්ගයේ අවහිරතාවක් ඇති කිරීම දැක්විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එමෙන්ම මෙම මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරු එම රථය අළෙවි කළ ආකාරය සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදු කරන බවද ඒ මහතා ඒ මහතා ප්‍රකාශ කළා

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *