අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශ පාසල් තුළ සිසුන් සහ ගුරුවරුන් වැඩි වශයෙන් කොවිඩ් ආසාදනයට ලක්ව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ, වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්. බී රත්නායක මහතා ප්‍රකාශ කරයි.
ඉදිරියේ දී එම තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවත් අනුරාධපුර නගර සභාව, ගලෙන්බිඳුනුවැව, පදවිය, තලාව සහ කහටගස්දිගිලිය වැනි ප්‍රදේශවල කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවත් සඳහන් කර සිටි වෛද්‍යවරයා, හොරෙව්පතාන, පදවිය සහ තලාව යන ප්‍රදේශවල ප්‍රාථමික පාසල්වල සිසුන් හා ගුරුවරු මේ වන විට නිරෝධායනයට ලක්කර ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.
පාසල් ළමුන් 6 දෙනෙක් අපි මේ වනවිට ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ගුරුභවතුන් 3 දෙනෙක් ආසාදිත වෙලා තියෙනවා පසුගිය දින හතර පහ තුළ.
පාසල් යන 2 සහ 3 වසරවල ප්‍රාථමික ශ්‍රේණිවල ළමුන් මේ වන විට ගොදුරුවෙලා තියෙනවා. පාසල් ළමුන් 40ක් නිරෝධායනයට ලක්කර තිබෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සංචරණ පුළුවන් තරම් අවශ්‍යතාවයට පමණක් සීමා කරන ලෙස.
1 Comment