කොවිඩ්-19 වසංගතය සමගින් සටන් වැදිමේදී ජනමාධ්‍යයන් මගින් ඉටු කෙරෙනා සුවිශේෂී සේවාව සහ ඔවුන්ගෙන් වන සමාජ බලපෑම කිසිසේත්ම නොතකා හැරිය හැකි නොවේ.
එනිසාවෙන්ම ජනමාධ්‍ය විසින් තමන් අතින් සිදුවන මාධ්‍ය ආචාර ධාර්මික උල්ලංඝනයන්ද වළක්වා ගැනීමට හැකි සෑම සියලු උත්සාහයක්ම දැරිය යුතු වේ.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයෙන් සහ කොවිඩ්-19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ නියමය පරිදි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්, කොවිඩ්-19 සම්බන්ධ වාර්තාකරණයේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම නිර්දේශයන් ජනමාධ්‍ය වෙත ඉදිරිපත් කරන්නට යෙදිණි.
මෙම ප්‍රස්තාරයෙන් පෙන්නුම් කරන්නේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවන් මගින්, එම නිර්දේශිත කොවිඩ්-19 සම්බන්ධ වාර්තාකරණයේදී පිළිපැදිය යුතු මාධ්‍ය ආචාර ධර්මයන් උල්ලංඝනය කොට ඇති වාර ගණනයි. එහිදී අප විසින් අප්‍රේල් 06-24 දක්වා කාලය තුළදී, ප්‍රධාන රූපවාහිනී නාලිකාවන්ගේ සතියේ දින වල (සඳුදා සිට සිකුරාදා දක්වා) ප්‍රධාන ප්රවෘත්ති විකාශයන් නිරීක්ෂණය කොට, එහිදී ගණන් ගැනීමට හැකි වූ පෙර කී ආචාර ධර්ම නිර්දේශයන් කඩ වූ වාර ගණන ප්‍රස්තාරයක් තුළට ගෙනැවිත් ඇත.
ඉහත කී නිර්දේශිත ආචාර ධර්ම පදනම් කරගනිමින් සිදුවූ උල්ලංඝනයන් අප විසින් ගණනය කර ඇත්තේ පොදුජනයාට ප්‍රවේශ වීමට හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. කෙසේ වුවත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, මෙම දත්ත ඉදිරිපත් කිරීමද ඒ අනුව සංශෝධනය කිරීමට කටයුතු සිදු වෙයි

(අප්‍රේල් 06-24 දක්වා කාලය තුළදී, ප්‍රධාන රූපවාහිනී නාලිකාවන්ගේ සතියේ දින වල (සඳුදා සිට සිකුරාදා දක්වා) ප්‍රධාන ප්රවෘත්ති විකාශයන් නිරීක්ෂණය කොට)
වැඩිදුර විස්තර :
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයෙන් කොවිඩ්-19 වාර්තාකරණය සඳහා නිර්දේශිත ආචාර ධර්ම පද්ධතිය:

කොවිඩ්-19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ නියමය පරිදි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් කොවිඩ්-19 වාර්තාකරණය සඳහා නිර්දේශිත ආචාර ධර්ම පද්ධතිය:

තොරතුරු : Ethics Eys Facebook පිටුවෙන්