Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බිංගිරිය බෝවත්ත කොලමුණඔය බෝක්කුව යට තිබී යතුරුපැදියක් සහ මිනිස් සිරුරක අස්ථි කොටස් සොයාගෙන ඇත.

ඊයේ (04) දහවල් බිංගිරිය පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදී මෙම යතුරුපැදිය සහ මිනිස් අස්ථි කොටස් සොයාගත් බව පොලීසිය පවසයි.

යතුරුපැදියේ අංකය අනුව සොයා බැලීමේදී මෙම යතුරුපැදිය සහ යතුරුපැදියේ හිමිකරු පසුගිය 2021 වසරේ දෙසැම්බර් මස පළමු වනදා සිට අතුරුදන්ව ඇති බවට 2021.12.07 වනදා පොලීසියට කළ පැමිණිල්ලකට අදාළ බව අනාවරණය වී ඇත.

පසුව යතුරුපැදිය තිබු ස්ථානයේ සිදුකළ වැඩිදුර සෝදිසි කිරීමේ දී මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් ද හමු ව තිබේ.

පසුව අදාළ පැමිණිල්ල සිදුකළ පැමිණිලි පාර්ශවය විසින් මෙම යතුරුපැදිය සිය අතුරුදන් වු පුතු විසින් පාවිච්චි කරන ලද යතුරුපැදිය බවට හඳුනාගෙන ඇත.

මෙලෙස අතුරුදන්ව සිට ඇත්තේ තිසෝගම, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

අස්ථි කොටස් සිද්ධිය වු ස්ථානයේම පොලිස් ආරක්ෂාව සහිතව තබා ඇති බව පොලීසිය පැවසීය.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (05) දින සිදුකිරීමට නියමිත අතර බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.