Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට පුද්ගලයන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැන හෙල්මටයකින් පහර දී ඇති බවට බදුල්ල මූලස්ථාන පොලිසිය සදහන් කරයි.

ඔහුට පහර දුන් කන්නන් නැමැති ඔහු හොඳින් දන්නා අඳුනන පුද්ගලයා මේ වනවිට මහජන නියෝජිතයෙකුට පහරදීමේ වරදට බන්ධනාගාරගත කර ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ඊයේ (19) සවස රාජ්‍ය ඇමති චාමර සම්පත් බදුල්ලේ බණ්ඩාරනායක මාවතේ ගමන් කරමින් සිටිය දී හිතවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ කඩයක් අසල නැවතී සාමීචියේ යෙදිමින් සිට ඇත.

ඒ අසලම ඇමතිවරයාත් හොඳින් දන්න මෙන්ඩිස් සහ කන්නන් නැමැති ගමේ පුද්ගලයින් දෙදෙක් හිඳ තිබේ.

මේ පුද්ගලයින් දෙදෙනා ඇමතිවරයා සුහද ලෙස අමතා ඇමතිවරයා එම ධූරයට පත් වූ පසු ලස්සන වී ඇති බව කියා ඇත. මේ කතාවට ඇමතිවරයාට කේන්ති ගොස් දෙපාර්ශවය අතර වචන හුවමාරුවක් සිදුවී ඇත.

ඇමතිවරයා තදින් දෝෂාරෝපණය කරද්දී කන්නන් නැමැත්තා සිය අත රැඳි හෙල්මට්ටුවෙන් ඇමතිවරයාට පහර දී ඇත.

ආරක්ෂකයා මැදිහත්ව එය වැලැක්වීමට යන විටත් පහර වැදී හමාර බව කියැවේ.

ඒ අවස්ථාවේ දී කන්නන් සමග සිටි මෙන්ඩිස් නැමැති අනෙක් පුද්ගලයා වැලැක්වීම සඳහා ආරක්ෂක නිලධාරියා ඔහුව තල්ලු කර ඇත.

මේ වනවිට ඇමතිට පහර දුන් කන්නන් නැමැත්තා පොලිස් අත්අඩංගුවේ පසුවේ.

ඔහු සමග සිටි මෙන්ඩිස් නැමැත්තා ඇද වැටී රෝහල් ගත කර ඇත.

බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *