Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි අගමැතිවරයා අතට භාර දුන් බව අමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන ඊයේ දිනයේ මාධ්‍යට ප්‍රකාශ කර සිටියා.

කෙසේ වුවද පවතින අර්බුදය සම්බන්ධයෙන් නිශ්චිත අවසාන විසඳුමකට පැමිණීමට මෙතෙක් රජයේ වගකිව යුතු පාර්ශවයන්ට නොහැකිව ඇති බව පැවසෙන අතර අද (04) දිනයේදී යළිත් මේ සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.

මේ වනවිට නිර්මාණය වී ඇති ප්‍රබල මහජන විරෝධතා සහ ආර්ථික අර්බුදය හමුවේ ගත යුතු පියවර පිළිබඳව ඊයේ (03) ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එහිදී ගත් තීරණයක් වූයේ අගමැතිවරයා ඉවත් වී ඒ සමඟ අහෝසි වන අමාත්‍ය මණ්ඩලය වෙනුවට හෙට දිනයේදී නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමටය.

මේ තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා ද එකඟව සිට ඇති අතර පසුව එය වෙනස් වුයේ අමාත්‍යවරුන් කිහිප දෙනකුම අගමැතිවරයාට ඉල්ලා අස් නොවන ලෙස ප්‍රතාශ කිරීම හේතුවෙනි.

කෙසේ වුවද පසුව නාමල් රාජපක්ෂ සහ අලි සබ්රි යන අමාත්‍යවරුන් ඉවත්ව ඇති අතර එහිදී ගත යුතු පියවර පිළිබදව සිදුවූ සාකච්ඡා අතර අමත්‍යවරුන් සියලු දෙනාද ඉල්ලා අස්වීමට එකඟත්වය පළ කර ඇති බබව සඳහන් වේ.

කෙසේ වුවද පවතින අර්බුදය හමුවේ තවමත් අවසන් විසඳුමක් පිළිබඳව නිගමනවලට පැමිණ නැති අතර යළිත් අද දිනයේ දී මේ පිළිබඳව සාකච්ඡා වනු ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර එම සාකච්ඡාවේදී මත ගැටුමක් ඇති වූ බවද වාර්තා වේ.

ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ හෙට දිවුරුම් දීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

තත්වයන් මෙසේ වුවත් මෙම ඉල්ලා අස්වීම් ලිපි භාරදීම තවත් නාට්‍යයක් වීමට වැඩි ඉඩ කඩක් තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසන්නේ අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හට නම් එය කිසිසේත්ම ඉල්ලා අස්වීමක් නොවන අනීතික ක්‍රියාවක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍යවරයෙකු සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය භාරදිය යුත්තේ අගමැතිවරයා වෙත නොව ජනාධිපතිවරයා වෙත බව සාලිය පීරිස් මහතා පෙන්වා දෙනවා.

එබැවින් මේ වන විට ආණ්ඩුව තුළ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කිරීමට ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට හා අමාත්‍ය මණ්ඩලයට වගකීමක් ඇති බව සාලිය පීරිස් මහතා පවසනවා.

මෙවැනි දේශපාලනික අවිනිශ්චිතභාවයක් රටේ ආර්ථිකයට දැඩිව බලපාන බවත් මේ වන විටත් පවත්නා දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි අවිනිශ්චිතභාවයක් කිසිසේත්ම දින කිහිපයක් හෝ කල්හැරීම සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49 වගන්තිය පහතින්  

22 6249f43bf002e
FB IMG 1649015388493 718x1024 1

1 Comment

  • Sisila, 2022-04-04 @ 10:19 AM Reply

    නැති අර්බුද මවන්න එපා මිනිස්සුන්ට දැන් අති

Leave a Reply

Your email address will not be published.