Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 130,000 කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 කට අයත් පවුල් 31,303 ක පුද්ගලයින් 130,672 ක් පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 2ක් ද වාර්තා වන අතර තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.

මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 27ක පවුල් 1,119 කට අයත් පුද්ගලයින් 5,067 දෙනෙකු රැඳී සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *