ආණ්ඩුවට එරෙහි විරෝධාතාවයන්ට සහාය පළ කරමින් අද (12) උදෑසන ගාලු මුවදොර විරෝධතා භූමියට ප්රවීණ ගායන ශිල්පිණි නන්දා මාලිනී මහත්මිය එක්ව සිටියාය.
තරුණයින් එක්ව රට පුරා නඟන හඬ ජයග්රහණය කරා යන දිනය වැඩි ඈතක නොවන බව ද පැවසු ඇය එයට ශක්තියක් වීමට තමා ද විරෝධතාවයට එක්වූ බව පැවසුවාය.
ලංකා ඉතිහාසයේ තුච්ඡ ජන සංහාය සනිටුහන් කළ 88-89 වකවානුවේ ඒ ම්ලේච්චත්වයට එරෙහිව ස්වකීය කලාව භාවිතයේ යෙදවූ සම්භාවනීය කලාකරුවන් දෙපළ වූ නන්දා මාලනිය, සුනිල් ආරියරත්න මෙන්ම ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය ද සිය විරෝධය ඉදිරිපත් කිරීම සඳහා මෙසේ අද දිනයේ ගාලු මුවදොර පිටියට පැමිණියා.
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
යන ගීය ගායනය කරමින් ඇය පවසා සිටියේ,
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්..”
එම ගීතය වෙනදාට වඩා අද සිටින දරුවන් ට හොඳින් වැටහී ඇති බවය.






