Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊශ්‍රායලය විසින් දින ගණනාවක සිට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හමුවේ අද (15) ගාසා තීරයේ පිහිටි අල් ජසීරා ප්‍රවෘත්ති නාලිකාව සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් ඇතුළු මාධ්‍ය ආයතන රැසක් පවත්වා ගෙන යනු ලැබූ ගොඩනැගිල්ල බිමට සමතලා කරමින් දැවැන්ත මිසයිල ප්‍රහාර තුනක් ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කර තිබේ.

කෙසේ වෙතත් ප්‍රහාරයට පැයකට පෙර ගොඩනැගිල්ලේ පිහිටි අල් ජසීරා ඇතුළු මාධ්‍ය ආයතන ඊශ්‍රායලය විසින් අනතුරු අඟවා ඇති අතර අනතුරු ඇඟවීමෙන් පසු මෙලෙස අල් ජසීරා මීඩියා ඇතුළු මාධ්‍ය ආයතන කාර්යාල සහ මහල් නිවාස වලින් සමන්විතව ගාසා තීරයේ පිහිටි මෙම ගොඩනැගිල්ල ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කොට සමතලා කර ඇත.

අල් කාලොට් නැමැති මාධ්‍යවේදියා වසර 11ක කාලයක් තිස්සේ මෙහි වහලයේ සිට සජීව වාර්තාකරණයේ යෙදුණු අයෙක්

මම මේ ගොඩනැගිල්ලේ සිට සිදුවීම් ගණනාවක්ම ආවරණය කළ අයෙක්. අපේ වෘත්තීය සගයින් සමග ගතකළ මතක සටහන් රැසක් මේ ගොඩනැගිල්ලේ රැඳී තිබුණා. දැන් අපට තේරෙනවා මෙවැනි ගුවන් ප්‍රහාරයන්ගෙන් නිවාස විනාශ වී ගිය මිනිසුන්ගේ මානසික තත්ත්වය. උදෑසන අවදි වී බලනවිට තමන්ගේ වෘත්තීමය අත්දැකීම් සහ සොඳුරු මතකයන් කැටි වූ කාර්යාලය තවදුරටත් පොළොව මත නොමැති බව තේරුම්යාම ඉතා අපහසු අත්දැකීමක් වේවි.

ඔහු තම අත්දැකීම එසේ විස්තර කර තිබුණා.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් මේ වනවිට පලස්තීන වැසියන් 140ක් ජීවිතක්ශයට පත් ව තිබෙනවා. ඒ අතර කාන්තාවන් 22ක් හා කුඩා දරුවන් 39ක් සිටිනවා.

Live Updates: Israel Strikes Building Housing AP, Al Jazeera Among Other  Int'l Media Outlets in Gaza - Sputnik International
Gaza tower housing Al Jazeera office destroyed by Israeli attack | Gaza  News | Al Jazeera

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *