Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ ජීවිත සමග බැඳී ඇති සංස්කෘතික උත්සවයකි.

සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක් යනු අවුරුද්දක ආරම්භයයි.

එහෙත්, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇත්තේ, අප්‍රේල් මාසයේදීය.

මෙම සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කුමක් අරභයා ආරම්භ වූවක් ද යන්න බොහෝ දෙනෙකු නොදන්නා කරුණක් විය හැකිය.

අලුත් අවුරුද්ද අප්‍රේල් මාසයට යෙදී ඇත්තේ ඇයි?

මෙවර අලුත් අවුරුදු උදාව අප්‍රේල් 14 වන දා අලුයම 2.33ට යෙදී තිබේ. ඒ අනුව අලුත් අවුරුද්ද අප්‍රේල් මාසයට යෙදී ඇත්තේ කෙසේ ද?

මෙම කරුණට ද අපේ අසල්වැසි රට වන ඉන්දියාව සමග සම්බන්ධයක් පවතී.

ශක රාජ වර්ෂ ක්‍රමය

ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ ආදී වර්ෂ ක්‍රම වැනි තවත් වර්ෂ ක්‍රමයකි, ශක වර්ෂ ක්‍රමය.

මෙම වර්ෂ ක්‍රමය ඇරඹී ඇත්තේ, ඉන්දියාවේ විසූ ශක රජු නමැති ජ්‍යොතිෂ්‍යයේ ඉහළ දැනුමක් සහිත උගත් රජ කෙනෙකුගේ අභාවයෙන් පසු ඔහුට ගරු කිරීමක් ලෙසය.

ඔහු මිය ගොස් ඇත්තේ, ක්‍රිස්තු වර්ෂ 78 වන වර්ෂයේය. ඒ අනුව ශක වර්ෂ 1 ක්‍රිස්තු වර්ෂ 78දී ආරම්භ වී තිබේ.

ඒ අනුව, මෙම වසර ශක වර්ෂ ක්‍රමය අනුව 1943 ලෙස සැලකේ. ඒ අනුව, ශක රාජ වර්ෂයේ ආරම්භය ශක රජු මිය ගිය දිනට අනුව යෙදේ.

ජ්‍යොතීර්වේදීන් බොහෝ විට භාවිත කරනුයේ මෙම ශක රාජ වර්ෂ ක්‍රමයයි.

අලුත් අවුරුද්දට විදේශීය සංකලනයක්

අලුත් අවුරුද්ද සිංහල හා දෙමළ ලෙස හැඳින්වුව ද, මෙය ඉන්දියාවෙන් අප ලද සංස්කෘතික අංගයකි.

ඊට අමතරව, මෙම සංස්කෘතික මංගල්‍යය සමග විදේශීය වචන කිහිපයක් ද බැඳී පැවතීම විශේෂත්වයකි.

එම වචන වන්නේ, අච්චාරු, රතිඤ්ඤා, කොකිස් වැනි වචන යි.

අච්චාරු සහ රතිඤ්ඤා පෘතුගීසි සහ ලන්දේසි වචන වේ. එසේ වුව ද, සිංහල අච්චාරු යනුවෙන් දැන් ව්‍යවහාර වෙයි.

කොකිස් යන්න, කුකීස් යන වචනයෙන් බිඳී ආවක් විය හැකි ය.

මෙම කැවිලි පෙවිලි සහ වෙනත් දෑ අලුත් අවුරුද්ද සමග බැඳී පැවතීමෙන් පෙනී යන්නේ, අලුත් අවුරුදු සැමරීම යටත් විජිත සමයේදී පවා සිදුවූ බවය.

යටත් විජිත සමයේ ශ්‍රී ලංකාව පාලනය කළ විවිධ විදෙස් ජාතිකයින්ට ආවේණික දේ අලුත් අවුරුද්ද සමග එකට බැඳී ඇත්තේ ඒ හේතුවෙන් වන්නට පුළුවන.

තවමත් අලුත් අවුරුද්ද යනු මෙරට සංස්කෘතික උත්සව අතර ඉදිරියෙන් ම ඇති උත්සවය බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට, Ceylon News Factory අපි කාලීනව අලුත් වෙන සුවදායි සුබ අවුරුද්දක් ඉතසිතින් පතමු.

අලුත් අවුරුද්ද
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *