Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සමාජයීය පරිවර්තනයක් සඳහා වූ ජාතික ආයතනයේ (CSC) සභාපතිවරයා ග්‍රෑන්ඩ්පාස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් ඊයේ (21) මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එම අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, මුදල් හෝ වෙනත් ප්‍රතිලාභ ලබා ගෙන ළමයින් 30 දෙනෙකු හදා වඩා ගැනීමට දීම යන චෝදනාව යටතේ මෙම තැනැත්තාව අත්අඩංගුවට ගත් බවය.

ඒ අනුව, අද (22) ඔහු මොරටුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අදාළ සභාපතිවරයා විසින් සිදු කරගෙන යනු ලැබූ මෙම ජාවාරම සම්බන්ධයෙන් පසුගිය දා සිලෝන් ටුඩේ පුවත්පත විසින් අනාවරණය කරන ලදී.

ඒ අනුව, සිලෝන් ටුඩේ පුවත්පත කළ විමසීමකදී ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා සඳහන් කර තිබුණේ, සමාජයීය පරිවර්තනයක් සඳහා වූ ජාතික ආයතනය හරහා මෙම සභාපතිවරයා අසරණ වූ ගැබිණි මව්වරුන් රැක බලා ගන්නා බව පවසමින්, ඔවුන්ට දරුවන් ලැබුණු පසු එම දරුවන් ලක්ෂ 2ත් ලක්ෂ 5ත් අතර මුදලකට අලෙවි කරන බවට චෝදනා එල්ල වී තිබුණු බවය.

අදාළ ලිපිය පහතින්.
Ceylon Today investigates: The Middle-man of Child Adoption

– මෙත්මලී දිසානායක, තාරක සම්මාන් –

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *