පෑලියගොඩ පොලීසිය තුළදී තරුණයෙකුට සිදුවූ පහරදීමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙස, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිට උපදෙස් ලබා දී තිබෙනවා.
පහරකෑමට ලක් වූ තරුණයා, මිගාර ගුණරත්න නම් අවසන් වසරේ නීති ශිෂ්‍යයෙකු බවයි වාර්තා වන්නේ.
පොලීසියට රැගෙන ආ සැකකරුවෙකු හමුවීම සඳහා ඔහු පෑලියගොඩ පොලීසියට ගොස්ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් 10ක් පමණ තමාට පහරදුන් බව ඒ මහතා පවසනවා.
මිගාර ගුණරත්න නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයා වනවා.
කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එහි පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා කොස්තාපල්වරුන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.

