Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 14කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ ප්‍රභල දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී.

තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කලේ ප්‍රථ⁣මයෙන් පන්දුවට පහර දීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි මිනෝද් භානුක සමගින් අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක සබදතාවය ලකුණු 57 ක් ව තිබියදී මිනෝද් භානුක ලකුණු 27 කට දැවී ගියේ එයිඩන් මාක්රම් ගේ පන්දුවක් හමුවේ.

ඉන් පසු පිටියට පිවිසි භානුක රාජපක්ෂ ලකුණු නොලබාම ක්‍රිඩාගාරයට හරවා යැවීමට කේෂව් මහරාජ් සමත් වූ අතර අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු සමග එක්වෙමින් තුන්වන කඩුල්ලට ලකුණු 47ක සම්බන්ධතාවයක් ගොඩ නගන්නට විය.

තුන් වන කඩුල්ල ලෙස කේෂව් මහරාජ් ගේ පන්දුවක් හමුවේ සහ හෙන්රිච් ක්ලාසන් විශිෂ්ඨ ස්ටම්ප් කිරිම හමුවේ ධනංජය ද සිල්වාගේ ඉනිම අර්ධ ශතකය ආසන්නයේදී ලකුණු 44 කට දැවී ගිය අතර අවිශ්ක ප්‍රනාන්දු සහ චරිත් අසලංකගේ අගනා සම්බන්ධතාවය ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 200 කරා පහසුවෙන් රැගෙන යන්නට විය.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සිය 3 වන එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 115 කදි ලකුණු 118 ලබා සිටියදි ශම්සිගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර  නායක දසුන් අවාසනාවන්ත ලෙස දුවද්දි දැවී ගියේය.

චරිත් අසලංක පන්දු 51 කදී වටිනා ඉනිමක් ක්‍රිඩා කරමින්  අගනා අර්ධ ශතකයක් වාර්තා කරන්නට සමත් වූ අතර ඔහු පන්දු 62කදී වේගවත් ලකුණු 72ක් රැස් කරන්නට සමත් විය. කගිසෝ රාබඩා ගේ පන්දුවක් හමුවේ වනිදු හසරංග ලකුණු 3කට දැවී ගියේය.

පන්දුවාර 50 නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 300 යක් වාර්තා කිරීමට සමත් වූ අතර දකුණු අප්‍රිකාවට ලකුණු 301ක ඉලක්කය හඹා යාම සඳහා  පිටියට අවතීර්ණ වන්නට සිදුවිය.

එයිඩන් මාක්රම් සහ ජනේමන් මලාන් ආරම්භක පිතිකරුවන් වශයෙන් පිටියට අවතීර්ණ වූ අතර වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ ජනේමන් මලාන් ට ලකුණු 23කින් සෑහීමකට පත් වන්නට සිදුවිය.

අනතුරුව නායක ටෙම්බා බවුමා පිටියට පැමිණි අතර ඔහුට එයිඩන් මාක්රම් සමඟ ලකුණු 103ක නොබිඳුනු සබඳතාවයක් පවත්වා ගැනීමට හැකි විය. නමුත් ටෙම්බා බවුමා ලකුණු 38ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදුවුණේ ආබාධයක් හේතුවෙන්.

කණ්ඩායමේ බර තම කර මතට ගනිමින් එයිඩන් මාක්රම් පන්දු 90කදී ලකුණු 96ක් රැස් කල අතර කයිල් විරෙයින් රැස් කලේ ලකුණු 12ක් පමණයි.
රසී වැන් ඩ ඩුසෙන් දකුණු අප්‍රිකා පිල ජයග්‍රහණය කරා ගෙන යාමට ලකුණු 59ක් රැස් කල අතර ඔහු දැවී ගියේ අකිල ධනංජයගේ පන්දුවක් හමුවේයි. ඇන්ඩිල් පෙලුක්වායෝ ලකුණු 5යි.

අවසාන පන්දු වාර කිහිපය වන තෙක් තරඟයේ උණුසුම් බව රැඳී තිබු අතර දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නතු වුනා.

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 286 කට සීමා කරන්නට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහි පළමු තර⁣ගයේ ජය වාර්තා කරන්නට විය.

තරඟයේ වීරයා බවට පත් වුයේ ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ අවිශ්ක ප්‍රනාන්දු.

අවිශ්ක ප්‍රනාන්දු ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *