අවිස්සාවේල්ලේ යකඩ බඩු සැලක පිපිරීමක් සිදුවී තිබෙනවා.
අවිස්සාවේල්ල පොලිස් වසමේ මාදොල ප්‍රදේශයේ පිහිටි පැරණි යකඩ බඩු එකතු කරන ස්ථානයක මෙය සිදුවී ඇති අතර, පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
මෙම පැරණි යකඩ භාණ්ඩ එකතු කිරීමේ වෙළෙද සැලේ සේවකයෙකු යම් ද්‍රව්‍යයක් ගෑස් ලාම්පුවකින් කැපීමට ලක් කරමින් සිටියදී මෙම පිපිරිම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයා කැඳවීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබනවා.