උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත තව සුළු මොහොතකින් යෙදීමට නියමිතයි.
ඒ අනුව, අප්‍රේල් මස 14 වැනි බ්‍රහස්පතින්දා පුර්ව භාග 09.05ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, දීකිරි මිශ්‍ර කිරිබතක් හා උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම සුදුසු බව අවුරුදු නැකත් සිට්ටුවේ සඳහන් වනවා.