Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත්කරණය එළඹෙන සිකුරාදා (07) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

මේ අතර පාසල් අධ්‍යාපන කටයුතු ලබන සඳුදා සිට යථාතත්ත්වයට පත්කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් අධ්‍යාපන අමාත්‍යංශයට අනුමැතිය ලබා දී තිබේ.

මේ වනවිට පාසල්වල ළමුන් කැඳවීම සිදුකරනු ලබන්නේ කොටස් වශයෙනි.

නමුත් නව තීරණයත් සමඟ සියලුම පාසල් සිසු සිසුවියන්ට දිගු කාලයකට පසු එකවර පාසල් පැමිණීමට අවස්ථාව ලැබේ.

මේ අතර කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 141 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 561,412ක් දක්වා ඉහළගොස් ඇත.

Leave a Reply

Your email address will not be published.