Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට රජය තීරණය කර තිබේ.

අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද මෙහිදී ෆයිසර් එන්නත්කරණය සිදුකෙරෙනු ඇත.

අද පැවති කොවිඩ් කාර්ය සාධන බලකා රැස්වීමේ දී මෙම තීරණය ගත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඒ බව පවසයි.

මේ අතර දරුවන්ට කොරෝනා එන්නත්කරණය සිදු කරන දින සහ කාල වකවානු පිළිබඳ ව තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මේ අතර ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක පුද්ගලයින් 19,869 දෙනෙකු ප්‍රතිකාර ලබන බව ඔහු ප්‍රකාශ කළා.

බණ්ඩාරවෙල නගර සභාව මඟින් පාලනය වන ළමා නිවාසයක අවුරුදු 5ට අඩු කුඩා දරුවන් තුන්දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

අනතුරු ව ළමා නිවාසයේ අනෙක් දරුවන් කිහිප දෙනෙකුට ද රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් දරුවන් 35 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුට කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *