Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වයස අවුරුදු 18-30ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින් සදහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ වනවිට වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවද යුද හමුදාපතිවරයා සදහන් කළා. එමෙන්ම මෙරට පුද්ගලයින් 1,879,000 කට අධික පිරිසකට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අඇති බවත්, ඉන් දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 466,266ක් බවඉ එම මහතා ප්‍රකාශ කළේ.

වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සියලු දෙනාට සැප්තැම්බර් මස අග වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *