Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ටමිම් ඉක්බාල්ට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් දඩ පනවා තිබෙනවා.ඒ, ඊයේ(28) නිමා වූ , ශ්‍රී ලංකාව සමඟ පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඊයේ පැවැති තරගයේ බංග්ලාදේශ ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී ඔහු දැවීයාමෙන් පසුව අදාළ විනිසුරු තීරණයට එරෙහිව, විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (review) ලබා ගැනීමට තීරණය කළා.

කෙසේ වෙතත්, එහිදී ද සනාථ වුණේ ටමිම් ඉක්බාල් දැවී ගිය පිතිකරුවෙකු බවටයි.එම අවස්ථාවේදී ලබාදුන්  තීරණයෙන් කෝපයට පත් ඉක්බාල්  අසභ්‍ය වචන භාවිතා කළ බවට චෝදනා එල්ල වුණා.

ඒ අනුව   ඉක්බාල් විසින්  “ජාත්‍යන්තර තරගයකදී අසභ්‍ය වචන භාවිතා කිරීම” යන විනය නීති සංග්‍රහයේ 2.3 වගන්තිය උල්ලංඝනය කර ඇති බව අයි.සී.සීය සදහන් කළා.

එනිසා ටමිම් ඉක්බාල්ට තරග ගාස්තුවෙන් සියයට 15ක දඩ මුදලක් පනවා ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

එමෙන්ම තරග තීරකවරයා විසින් ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද (demerit point) ඇතුළත් කිරීමට  පියවර ගෙන තිබෙනවා.

එම චෝදනා ටමිම් ඉක්බාල් විසින් පිළිගෙන ඇති අතර, ලබා දී ඇති දඩුවම ද ඔහු විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බව අයි.සී.සීය නිකුත් කළ නිවේදනයක සදහන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *