Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී , සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම තරුණ දේශපාලනඥයකු වන විමල් කැටිපෙආරච්චි හට අපහාසාත්මක අයුරින් වෙබ් අඩවි කිහිපයක් සහ සමාජ මාධ්‍ය තුළ හැසිරුණු කිහිපදෙනකු ප්‍රචාරය කළ පුවතක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයට අදාල පුවත තුළ වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන තම ඡායාරූපයක් අවභාවිත කර ඇති බවය.

එසේම තම අනන්‍යතාව යැයි හැඟී යන පරිදි කිසියම් තොරතුරු ප්‍රමාණයක් ද පුවතට ඇතුළත් කර ඇති බවත් එකී පැමිණිල්ලේ ඔහු සඳහන් කර තිබේ.

මේ සම්බන්ධව විමල් කැටිපෙආරච්චි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ පැමිණිල්ල පහත දැක්වෙයි.

අධ්‍යක්ෂ ,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ,
කොළඹ .

වෙබ් අඩවියකින් කරන ලද අපහාසයක් සම්බන්ධයෙන්.

mawubima.com නමැති සිංහල පුවත් වෙබ් අඩවියක් 2021 ජනවාරි 03 වැනිදා ‘සමාජ මාධ්‍ය තුල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයට අදාල රථයේ හිමි කරු හඳුනා ගැනේ’ යන මාතෘකාව යටතේ පළ කරන ලද පුවතක ඡායාරූපය ලෙස වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන විමල් කැටිපෙආරච්චි වන මාගේ ඡායාරූපයක් අවභාවිත කර ඇත.

ඊට අමතරව මාගේ එම පුවතේ සඳහන් වාහනය හෝ එම වාහන අංක සමග හෝ පුවතට අනුව සිදු වී යැයි කියන සිද්ධිය සමග හෝ මොනයම් ආකාරයකින්වත් අදාළතාවක්, සම්බන්ධයක් මා හට නැත. මෙම ද්වේශසහගත , පදනම් විරහිත සාවද්‍ය පුවත පළ කළ වෙබ් අඩවියේ ඩොමේනය හිමිකරු වන ප්‍රණීත් කරුණාරත්න නමැත්තාගේ තොරතුරු සහ අදාළ වෙබ් පුවතේ මුද්‍රිත පිටපතක් ද මේ සමග ඉදිරිපත් කරමි. එම නීති විරෝධී හා අපහාසාත්මක ක්‍රියාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර මාගේ පුරවැසි අයිතිය ආරක්ෂා කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

එමෙන් ම අදාළ සාවද්‍ය පුවතේ සඳහන් වන ආකාරයට එකී වාහනය මට අයත් එකක් බව පවසන්නේ ශ්‍රී ලංකා පොලීසිය යැයි සඳහන් කර තිබීම එම ආයතන නිල නාමය ද අවභාවිත කිරීමක් බව ඔබගේ විශේෂ අවධානයට ලක් වනු ඇතැයි අපේක්ෂා කරමි.

මෙයට විශ්වාසී
විමල් කැටිපෙආරච්චි

මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි සිදුකළ පැමිණිල්ලට අදාළ පුවත පහත දැක්වෙයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *