Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අලුත්ගම ග්‍රාමීය රෝහලේ පවිත්‍රතා අංශයේ (මෑන් පවර්) සේවකයෙකු සහ බේරුවල මොරගල්ල ගොඩැල්ල ප්‍රදේශය පදිංචි ධීවරයකු යන දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ අද (13) පවසා සිටියා.

අලුත්ගම රෝහලේ පවිත්‍රතා සේවකයා දර්ගා නගරයේ බප්පුගොඩ පදිංචි අයෙකු වන අතර එම ආසාදිතයා සමග අලුත්ගම රෝහලේ සේවය කළ තවත් පවිත්‍රතා සේවකයෙකු ඇතුලු පවුලේ සියලු දෙනා නිරෝධායනයට ලක් කර තිබේ.

බේරුවල, මොරගල්ල ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි ධීවරයාත් ඉකුත්දා අම්බලන්ගොඩ ධීවර වරායේ දී අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අයෙකු වන අතර කොරෝනා ආසාදිතයින් දෙදෙනා රෝහල්ගත කර ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා සඳහන් කළේ.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 76 දෙනකු වාර්තා වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *