ආගමන විගමන දෙපාර්තමේන්තුව අසලදී පුද්ගලයන් 16ක් අත්අඩංගුවට !

1 Min Read

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පිහිටි ප්‍රදේශයේ දී තලංගම පොලීසිය සහ නුගේගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය ඒකාබද්ධව සිදු කළ වැටලීමක දී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් අවුරුදු 20 හා 73 අතර වයස්වල පසුවන හෝකන්දර, කොටහේන, කිරුළපන, කුලියාපිටිය, මාලඹේ, බත්තරමුල්ල, තිස්සමහරාම මස්කෙළිය, මොරටුව, පැලවත්ත, වත්තල සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07ක්, කේරළ ගංජා ග්‍රෑම් 20ක් සහ හෙරොයින් මත්කුඩු මිලිගැ3 20ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

සැකකරුවන් අද (20) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

තවද ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැදී සිටිමින් විදේශ ගමන් බලපත්‍ර සකස් කරදීම සඳහා ජනතාවගෙන් මුදල් අය කළ තැරැව්කරුවන් 9 දෙනෙකු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝග මතයි.

පෝලිම්වල රැදී නොසිට නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මොවුන් රුපියල් 25,000 බැගින් අය කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

Share This Article
Leave a comment