Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහජන විරෝධතා හඬ නොතකා දිගින් දිගටම බලයේ රැදී සිටීමට රජය තීරණය කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 50කට අධික සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරය රජයට අහිමි වන බවට සහතික වන බවද ඔහු සඳහන් කළා.

මේ අතර යෝජනා වී ඇති නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගැනීමට සුසිල් ප්‍රේම ජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

ඔවුන් සඳහන් කර ඇත්තේ හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන හදිසි අවස්ථා රෙගුලාසි සම්මත කිරීම සඳහා වන ඡන්ද විමසීමේ දී ද ආණ්ඩු විරුද්ධව ඡන්දෙ දෙන බවයි.

ඉදිරියේදීද පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කර ඔවුන් සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published.