Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යෝජිත දේශිය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මගින් බදු ව්‍යූහයේ කැපී පෙනෙන වෙනස්කම් සිදු කර තිබෙනවා.

මීට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර ඇති අතර, දැනට මාසික රුපියල් 250,000ක පැවති පුද්ගල ආදායම් බදු අය කිරීමේ සීමාව ලක්ෂය දක්වා පහත හෙළීමටයි එමගින් යෝජනා කර ඇත්තේ.

පසුගියදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැයට අනුව දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණා.

ගැසට් පත්‍රය පසු කිරීමෙන් පසු මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත යි.

මෙම පනත් කෙටුම්පත මගින් නව බදු පැනවීම මෙන්ම, බදු අනුපාතයන් ඉහළ දැමීම ද සිදු කර තිබෙනවා.

පුද්ගල ආදායම් බදු අය කරනු ලබන සීමාව පහත දැමීමත් සමග ඊට අදාළ බදු එක්රැස් කිරීම සේවා යෝජකයා විසින් සිදු කළ යුතු බව ද නව කෙටුම්පතෙන් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව රු. ලක්ෂයක සීමාව ඉක්මවා මාසික ආදායමක් ලබන පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කෙරෙන ආකාරය පිළිබඳ සටහනක් පහතින් අමුණා තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ තබා ඇති මෙම සටහනට අනුව රු. 100,000 ක් දක්වා මාසික ආදායමක් ලබන අය බදු අය කිරීමට යටත් වන්නේ නැත.

රු. දෙලක්ෂයක වැටුපක් ලබන්නෙකු මීට පෙර ආදායම් බදු සඳහා යටත් නොවූ අතර නව බදු යෝජනා යටතේ ඔහුට රු. 10,500 ක බද්දක් ගෙවීමට යටත් වනු ඇත.

නව බදු යෝජනා අනුව ඉතා ඉහළ ආදායම් ලබන්නන් හට වැඩි බදු ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇති බව සටහන් වේ.

නිදසුනක් ලෙස රු. 1,400,000 ක මාසික ආදායමක් ලබන්නෙකු හට පැරණි බදු ක්‍රමය යටතේ ගෙවිය යුතුව තිබුණු රු. 162,000 ක බද්ද රු. 430,500 ක් දක්වා රු. 268,500 කින් ඉහළ ගොස් තිබේ.

Capital Alliance සමාගම විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර තිබූ එම සටහන පහතින් දැක්වේ.

CAL Tax 01

එම සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින්

275-2022_S-1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *