Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ආන්දෝලනයට තුඩුදුන් රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය අද(09) සිට යළිත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි.

අදියර කිහිපයක් යටතේ එය සිදුකෙරෙනු ඇත. ඒ අනුව කොළඹ සහ මොස්කව් අතර ඉරිදා සහ බ්‍රස්පතින්දා දිනවල ගුවන්ගමන් ක්‍රියාත්මක කෙරේ. නොවැම්බර් මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එරෝෆ්ලොට් විසින් ක්‍රියාත්මක කෙරෙන සාමාන්‍ය ගුවන් ගමන් වලට අමතරව, Azur Air ගුවන් සේවය විසින්ද ⁣මේ වසරේ නොවැම්බර් මස මුල සිට රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් 4ක් සිදු කිරීමටද අවසර ලබාගෙන ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *