Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන යමින් විශාල මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ සබඳතා පැවැත්වූ ආන්දෝලනාත්මත සිදුවීම් රැසකට මුහුන දුන් ප‍්‍රසිද්ද හිමි නමක් සම්බන්ධයෙන් පරීක්ෂණ අංශ විසින් කරුණු අනාවරණය කරගෙන ඇත.

එම හිමි නම ද අදාළ කාන්තාවගේ ව්‍යාපාර වල මුදල් ආයෝජනය කර තිබේ.

රුපියල් කෝටි 40 පමණක් පමණ මුදලක් එම හිමිනම විසින් එම කාන්තාවගේ ව්‍යාපාර වල ආයෝජනය කර ඇතැයි පොලිසිය සොයාගෙන තිබේ.

මීට අමතරව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකු ද රුපියල් කෝටි 45 ක මුදලක් ඇයගේ ව්‍යාපාර වල ආයෝජනය කර ඇත.

මෙම කාන්තාව එළඹෙන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

1 Comment

  • Ranjith jayasinghe, 2022-10-09 @ 7:11 PM Reply

    නම කියන්න බයද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *