Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලිය ආරක්ෂක හේතූන් මත අතහැර දැමීමට නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම තරගාවලිය පළමු තරඟය පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අද (17) සැලසුම්කර තිබුණි.

අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය ආරම්භ වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී තරග සංචාරය අත්හිටුවීමට නවසීලන්තය තීරණය කළා.

ඒ අනුව තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකේම සාමාජිකයින් ක්‍රීඩාංගනය වෙත පැමිණීම සදහා, ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටල්වලින් ද පිටත්ව තිබුණේ නැහැ.

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ තරග සංචාරයක නිරත වෙමින් තරඟාවලියක් ආරම්භ කිරීමට සූදානම් වූයේ වසර 18 කට පසුව වීම විශේෂත්වයකි.

නවසීලන්ත රජය විසින් පාකිස්තානයේ සංචාරයකට එක්ව සිටින තම ක්‍රිකට් කණ්ඩායමට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර කඩිනමින් කණ්ඩායම මව් රටට ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කර ඇත.

මෙම තීරණය පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ද ප්‍රකාශයක් කර තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් පිළිබඳ නවසීලන්තය විසින් තමන්ට දැනුම් දුන් බවයි.

එම කරුණු හේතුවෙන් තරඟාවලිය අත්හැර දැමීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බවයි පාකිස්තානය සඳහන් කරන්නේ.

ප්‍රේක්ෂකයින්ට ද ක්‍රීඩාංගනය තුළට ඇතුළු වීමට අවසර නොලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නවසීලන්ත රජයේ පාකිස්තානය සඳහා වන තර්ජන මට්ටම ඉහළ යාම සහ ක්‍රීඩාංගනයේ සිටින නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශකයින්ගේ උපදෙස් අනුව නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය අඛණ්ඩව සිදු නොකිරීමට තීරණය කර ඇත. කණ්ඩායම පිටත් වීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතී.

යනුවෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය මේ සම්බන්යෙන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

මෙය අපූර්ව සත්කාරකයන් වන පාකිස්තාන ක්‍රිකට් ආයතනයට පහරක් බව මට වැටහෙන නමුත් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ඉතා වැදගත් වන අතර, වගකිව යුතු එකම විකල්පය මෙය යැයි අපි විශ්වාස කරමු.

යනුවෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඩේවිඩ් වයිට් කියා සිටියා.

කෙසේ වෙතත්, නවසීලන්ත ක්‍රිකට් ආයතනය ඒක පාර්ශ්විකව ගත් මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය නොසතුට පල කර සිටියා.

පැමිණෙන සියලුම කණ්ඩායම් සඳහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ පාකිස්තාන රජය දැඩි ආරක්‍ෂක විධි විධාන සකස් කර තිබේ. අපි නවසීලන්ත ක්‍රිකට් ආයතනයට ද ඒ බව සහතික කර තිබේ. යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියා

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා නවසීලන්ත අග්‍රාමාත්‍යවරියට පෞද්ගලිකව කථා කළ අතර ලෝකයේ හොඳම බුද්ධි පද්ධතියක් අප සතුව තිබෙන බවත් සංචාරක කණ්ඩායමට කිසිදු ආකාරයක ආරක්‍ෂක තර්ජනයක් නොමැති බවත් ඇයට දැනුම් දී සිටියා. නවසීලන්ත කණ්ඩායම සමඟ සිටින ආරක්ෂක නිලධාරින් පකිස්තාන රජය විසින් ඔවුන් මෙහි රැඳී සිටින කාලය තුළ සිදු කළ ආරක්ෂක විධිවිධාන පිළිබඳව සෑහීමකට පත් වී ඇත.

නියමිත තරඟ ඉදිරියට ගෙන යාමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කැමැත්තෙන් සිටී. කෙසේ වෙතත්, පාකිස්ථානයේ සහ ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන් මෙම අවසන් මොහොතේ ඉවත් වීම ගැන කලකිරීමට පත් වනු ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *