අවිස්සාවේල්ල , වග ,තුම්මෝදර , කොඩිකන්ද ආරණ්‍යය සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් (අවු. 65 ) නාඳුනන පිරිසක් විසින් ඊයේ ( 3 ) රාත්‍රියේ පැහැරගෙන ගොස් ඇත.
මෙම හිමියන් සහ තවත් ගිහි පුද්ගලයින් දෙදෙනෙකු එම අවස්ථාවේ ආරණ්‍යය සේනාසනාරාමයේ රාත්‍රියේ නින්දේ පසුව සිටි බව වාර්තාවේ. වෑන් රථයකින් පැමිණි මෙම පිරිස ධම්මසිරි හිමියන්හට තදබල ලෙස පහරදී ඇති බවද වාර්තා වන බව දිවයින පුවත්පත වාර්තා කරයි.
මෙම හිමියන් සතුව තිබුණු මුදල් ,බැංකු කාඞ්පත් ,සහ ලියකියවිලි කිහිපයක්ද මොවුන් රැගෙන ගොස් ඇත.
හංවැල්ල, මිරිහාන සහ තවත් පොලිස් ස්ථාන කිහිපයක පොලිස් කන්ඩායම් පහක් මෙම පහරදී පැහැරගෙනයාම පිළිබඳව පරීක්ෂණ පවත්වයි.