Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලබන ඉරිදා (5) සහ සඳුදා (6) දිනවල යළි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ආර්ථික මධ්‍යස්ථානවල යම් ප්‍රමාණයක් හෝ එළවළු තොග ඉතිරි වන්නේ නම් ජංගම රථ මගින් අලෙවි කිරීමට අවසර ලබා දී ඇති බවය.

මේ අතර අත්‍යවශ්‍ය සේවාවන්හී නිරත නිලධාරීන්ට ආර්ථික මධ්‍යස්ථාන වෙතින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවසර ලබා දී ඇතැයි ද, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශය සඳහන් කළේ, එම කටයුතු ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන් හරහා සිදුකර ගැනීමට හැකියාව පවතින බවය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *