Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (05) දිනයේ මෙරට හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 784ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යාවත්කාලීන කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අද පළමුවරට වාර්තා වූ ආසාදිතයින් 563ට අමතරව තවත් ආසාදිතයින් 219 දෙනෙකු දෙවනවර හඳුනා ගැනීමත් සමඟ විදේශගතව සිට මෙරටට පැමිණ හඳුනාගත් 02 දෙනෙකු සමඟ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 522,005ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (04) දින තවත් කොවිඩ් මරණ 40ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම කොවිඩ් මරණ 40න් 18දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 22දෙනා පිරිමි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

ඒ අනූව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,142ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 477ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 477,851ක් දක්වා ඉහළ යයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *