Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජනතාව සෞඛ්‍ය පුරුදු අමතක කිරීම හේතුවෙන් මේ වන විට දෛනිකව රෝහල්වලට එන කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය වැඩි වී තිබෙනවා. මෙලෙස දිගින් දිගටම සිදු උවහොත් දෙසැම්බරය වන විට රට නැවතත් වැසිය යුතු වේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා ප්‍රකාශ කර තිබෙනවා

දැනටමත් ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම කොවිඞ් පොකුරු මතුවෙමින් ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් ප්‍රකාශ කළ වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා,

දැන් මේ දින කීපය තුළ දෛනිකව කොවිඞ් රෝගන් 700 ඉක්මවා හමුවෙනවා. මේ තත්ත්වය තුළ රෝහල්වලට එන කොවිඞ් ආසාදිතයින්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කොවිඞ් ලොකු රැල්ලක් ආයේ එන්න පුළුවන් ලකුණු තියෙනවා. කරන පී. සී. ආර්. ප්‍රමාණය වැඩි කරන්න කිව්වාට ඒවා වෙන්නේ නැහැ. හුඟක් දෙනා කොවිඩ් ගැන අමතක කරලා. උපන්දින සාද, විවාහ මංගල උත්සව සඳහා විශාල පිරිස් එනවා කියලා දැනගන්න තියෙනවා. මුව ආවරණ පැළඳ ගමන් කිරීම, දෑත් සේදීම, දුරස්ථභාවය තියාගෙන කටයුතු කිරීම කියන දේවල් දිගටම තියාගෙන කටයුතු කරන්න ඕනෑ. එහෙම නැතුව කටයුතු කළහොත් දෙසැම්බර්වල නැවතත් කොවිඩ් රැල්ලක් ඒවි. ජනතාව සෞඛ්‍ය පුරුදු අමතක කරලා හැසිරුණොත් පියවරෙන් පියවර විවෘත කරගෙන යන පාසල් ටිකත් ආයේ වහන්න වේවි.

යනුවෙන් ද කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.