Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක ප්‍රධානියෙකු වන සේ චී ලොප්, නෙදර්ලන්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුවයි.

චීනයේ උපත ලබා කැනේඩියානු පුරවැසිභාවය ඇති සේ චී ලොප්, 56 වන වියේ පසු වනවා.

ආසියානු කලාපය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ද ප්‍රකටයි.

ආසියාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා ඔහු අමෙරිකානු ඩොලර් බිලියන 70 ක පමණ දායකත්වයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍ර්ලියාවට ද අවශ්‍යව සිටි සේ චී ලොප්, අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලීසිය වසර 10 ක පමණ කාලයක් පුරා උත්සහ දරා ඇති බව සඳහන්.

ඒ, ඔස්ට්‍ර්ලියාව තුළට පැමිණෙන මත්ද්‍රව්‍ය වලින් සියයට 70ක් පමණ චී ලොප්, හරහා රටට ඇතුළුවීම හේතුවෙන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *