ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ දස වන තරගය ජයග්රහණය කිරීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අද (03) සමත් වුණා. මෙම තරඟයේදී ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමයි. තරඟය පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව ක්රීඩාංගනයේදී.
තරගයේ කාසිය වාසිය දිනාගත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් රැස්කර ගැනීමට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී ලකුණු 55ක් රැස් කලා.

නායක කුසල් පෙරේරා පන්දු 34 ක් තුල ලකුණු 41ක් රැස් කල අතර අනෙක් කිසිදු ක්රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නෙ නැහැ.
පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර සහ කසුන් රාජිත අතර කඩුලු දෙක බැගින් බෙදී ගිය අතර රමේෂ් මෙන්ඩිස් සහ සමිත් පටෙල් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
පිලිතුර ඉනිම සඳහා පිටියට පිවිසි දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම කඩුලු 5ක්ද අතැතිව ජයග්රාහී ඉලක්කය පසු කළේ ඇන්ජෙලෝ පෙරේරාගේ විශිෂ්ඨ පිතිහරඹයෙන් සවිමත් වෙමින්.

ඔහු පන්දු 49 කින් ලකුණු 67 ක් ලබා ගත් අතර නායක දසුන් ශානක පන්දු 23 කදී ලකුණු 33ක් වාර්තා කලා. උපුල් තරංග පන්දු 15 ට ලකුණු 19 යි.
පන්දු යැවීමේදී මුනාෆ් පටෙල් , සීකුගේ ප්රසන්න , අසේල ගුණරත්න , නුවන් ප්රදීප් , දිල්රුවන් පෙරේරා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
කැන්ඩි ටස්කර්ස් 156/6 (20 Ov, RR: 7.8) | ||
කුසල් මෙන්ඩිස් – පන්දු 45 කින් ලකුණු 55 කුසල් පෙරේරා – පන්දු 34 කින් ලකුණු 41 අසාන් අලි – පන්දු 25 කින් ලකුණු 29 | කසුන් රාජිත 2/16 මලින්ද පුෂ්පකුමාර 2/28 සමිත් පටෙල් 1/18 | |
දඹුල්ල වයිකින්ග් 157/5 (19.2 Ov, RR:8.12) | ||
ඇන්ජෙලෝ පෙරේරා – පන්දු 49 කින් ලකුණු 67 දසුන් ශානක – පන්දු 23 කින් ලකුණු 33 උපුල් තරංග – පන්දු 15 කින් ලකුණු 19 | නුවන් ප්රදීප් 1/16 මුනාෆ් පටෙල් 1/20 දිල්රුවන් පෙරේරා 1/23 |
තරඟයේ වීරයා : ඇන්ජෙලෝ පෙරේරා
නවවන තරගය: දඹුල්ල වයිකින්ග් සහ කැන්ඩි ටස්කර්ස්
ක්රීඩාංගනය : හම්බන්තොට සූරියවැව ක්රීඩාංගනය
ඒ අනුව දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම ලකුණු සටහටනේ දෙවන ස්ථානයේ පසුවනවා.

– සුදිප විදුනුවන් / ශාෂිංක විදුසර –