Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දැනට පවතින නිරෝධායන ඇඳිරි නිති කාලසීමාව ඔක්තෝබර් මස 01 වන සිකුරාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි මෙම තීරණය ගෙන ඇත.

පවතින කොරෝනා ව්‍යාප්තියේ තත්ත්වය දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

මේ පිළිබඳව ජනාධිපැති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ට්විටර් පණිවිඩයක් යොමු කරමින් තහවුරු කර සිටියා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ට්විටර් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කර සිටියේ අදාළ කාල සීමාව තුලදී අත්‍යවශ්‍ය සේවාවන්ට ක්‍රියාත්මක වීමේ බාධාවක් නොමැති බවයි.

එමෙන්ම ඉදිරි නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සඳහා වන මාර්ගෝපදේශයන් ඉදිරියේදී නිකුත් කරන බව ඔහු සඳහන් කර තිබුනා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *