Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (04) ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දී තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය. සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවතත් රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දීම ද එම අවස්ථාවේ දී සිදුව ඇත.

සී.බී. රත්නායක මහතා මෙහිදී වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

රාගම වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටුමට අදාළව පවත්වන විමර්ශන වාර්තාව ඊයේ ජනාධිපතිවරයා වෙත භාරදීමත් සමග එම සිද්ධියට ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දී ඇත.

1646317068075 1
අමාත්_යාංශ-සංශෝධනයක්

Leave a Reply

Your email address will not be published.