Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇමරිකාව නව ත්‍රස්ත ප්‍රහාරයක තර්ජනයකට මුහුණ පා ඇති බව එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව අවදානම් නියෝගයක් නිකුත් කර ඇත.

කොරෝනා වසංගත තත්ත්වය සහ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ අනුස්මරණය අභියස මෙම අවදානම් තත්ත්වය ප්‍රකාස කර තිබීම විශේෂත්වයක් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇමරිකාව දේශීය සහ විදේශීය ත්‍රස්තයින්ගේ සහ සතුරු විදේශීය බලපෑම් මගින් මෙහෙයවනු ලබන කණ්ඩායම් වල තර්ජනයකයට මුහුණ දෙන බව ඇමරිකානු ජාතික ත්‍රස්ත උපදේශන පද්ධතිය සඳහන් කරයි.

ඇමරිකානු ස්වදේශ ආරක්ශක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනුයේ විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අන්තවාදය දිරිගැන්වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *