ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත වසා දමා තිබීම හේතුවෙන් එරට වීඩියෝ ක්‍රීඩාවල අලෙවිය දශකයකට පමණ පසු ඉතා ඉහළ අගයක් ගෙන තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ නිවාසවලින් පිටතට යාමට නොහැකිවීම හේතුවෙන් පුද්ගලයින් වීඩියෝ ක්‍රීඩා සදහා යොමුවීමයි.
එමෙන්ම, වීඩියෝ ක්‍රීඩා සඳහා අවශ්‍ය කරන පරිඝනක මෘදුකාංග සහ දෘඩාංගවල අලෙවිය ද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, ජපානය විසින් සිදුකළ සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ එරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සියයට 70 ක් පමණ මේ වනවිට ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වී ඇති බවයි.
අනපේක්ෂිතව ලද නිවාඩු කාලසීමාව තුළ මෙලෙස ඔවුන් ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වී ඇති අතර, ඊට අමතරව, නිදා ගැනීම සදහා ද වැඩිපුර කාලය යොදවා ඇති බවයි වාර්තා වන්නේ.