
ශ්රී ලංකාවේ සජීවීකරන ශිල්පී (Animator) රැන්ඩි ක්රිස් පෙරේරා නිර්මාණය කරන ලද වීඩියෝවක් අන්තර්ජාතික වශයෙන් ප්රචලිතව ඇත.
ඔහුගේ මෙරාකි යුනයිටඩ් (Meraki United) සමාගම හරහා ප්රකට හිපොප් ගායක එමිනම් “Eminem” ගේ නවතම ගීතයට මෙම වීඩියෝව නිර්මාණය කර ඇත.
රැන්ඩිට මෙම වීඩියෝව නිර්මාණය කීරීම සඳහා ගතව ඇත්තේ දින 20 තරම් කෙටි කාලයක් වීම විශේෂත්වයකි.
එමිනම් “Eminem”ගේ නවතම ගීත ඇල්බමය වන ‘Music to be murdered by’ හි “Tone Deaf” නම් ගීතයේ වීඩියෝව රැන්ඩි විසින් මෙසේ නිර්මාණය කර ඇත.
එම වීඩියෝව යූ ටියුබ් ජාලයට එක්කර දින කිහිපයක් වන අතර මිලියන 6.5ට අධික පිරිසක් එය නරඹා ඇත. එම වීඩියෝව එමිනම් “Eminem”ගේ නිල යූ ටියුබ් පිටුවෙන් නැරඹිය හැකිය.