Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (8) උදෑසන අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලයක් ජනාධිපතිවරයා ඉදිරිපිට දිවුරුම් දීමට නියමිතය.

මෙහිදී දැනට ඇමති ධූර දරන දිනේෂ්, ජීඑල් හා ජොන්ස්ටන්ට අමතරව පවිත්‍රා වන්නි ආරච්චි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඒකාබද්ධ කර ලබාදෙනු ඇති බවට දේශපාලන ආරංචි පවතී.

කෙසේ වෙතත් බැසිල්ගෙන් අලි සබ්‍රීට ගොස් සබ්‍රී ඉවත්වීමෙන් පුරප්පාඩුවූ මුදල් ඇමති ධූරය බන්දුල ගුණවර්ධනවෙත ලබාදෙනු ඇති බවට සඳහන් වුවත් ඔහුට එම තනතුර ලබා නොදීමට රජය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

ඒ වෙනවුට එය ලබාදෙන්නේ කාටද යන්න ඊයේ රාත්‍රිය වනතුරු සාකච්ඡා පැවති බවද කියැවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා සාකච්ඡා අවසන් කරන තුරු ඇමැති ධුරයේ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා අලි සබ්‍රි මහතාට දැනුම් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කර තිබෙන බැවින් අද මුදල් ඇමති ධූරයක් පිරි නොනමනු ඇතැයි ද කියැවේ.

තිහක සීමාවේ තිබූ කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට යෝජනා වී ඇති අතර අද දිවුරුම් දෙන්නේ 15 ක් හෝ ආසන්න ගණනක් විය හැකි බව ද ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ඇමැති ධුර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (7) රාත්‍රිය වනතුරුම ජනාධිපති කාර්යාලයේ සාකච්ඡා පැවැත්විණි.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට (8 වැනිදා) දින හයක් ගතවී ඇති අතර රටේ වැදගත් තීරණ තීන්දු ගැනීමට හා ගැසට් නිවේදන නිකුත් කිරීමට මෙම ඇමති ධූර නොමැතිකම ගැටලු මත කර ඇත.

ජනතා උද්ඝෝෂණ මගින් ඇමතිවරුන් මාරු කරන ලෙස ඉල්ලා නොසිටි නමුත් රජයව උත්සාහ කළේ එම තනතුරු මාරු කර හැඩය වෙනස් කරන්නටය.

කෙසේ වෙතත් ඇමති ධූර වෙනස් කිරීම නිසා රාජපක්ෂවරුන්ගෙන් දැනට අගමැති මහින්ද රාජපක්ෂ හැර සෙස්සන්නට තනතුරු අහිමිව යාම පමණක් සිදුවිය.

Leave a Reply

Your email address will not be published.