Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ආණ්ඩුවේ සෙසු පක්ෂ වල නායකයන් අද දින හදිසි සාකච්ඡාවක් කැඳවා තිබේ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ගත් තීරණයෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්චාව කැදවා ඇත.

එම සාකච්චාවෙන් පසු ඉක්මනින්ම මාධ්‍ය හමුවක් කැදවීමට සූදානමක් ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

ඔහු අද (04) දිනයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර ඉවත්වීමට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග වලින් පැවසේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු මෙසේ ඉවත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි .

මේ අතර වනජීවි අමාත්‍ය සීබී රත්නායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බව තම හිතවතුන් සමඟ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව තම අමාත්‍යාංශයේ පුද්ගලික බඩුබාහිරාදිය පවා ඉවත් කර ගැනීමට දැන් වූ බවද ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් මේ වන තෙක් ඒ මහතාගේ ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් වගකිවයුතු කිසිවකුට දැනුවත් කිරීමත් සිදු කරනු නැත.

Leave a Reply

Your email address will not be published.