ඇල්පිටිය සුපිරි වෙළඳ සංකීර්ණය අසල මියගොස් සිටි පුද්ගලයකුගේ සිරුරක් හමුවී තිබෙනවා.
අද (25) උදෑසන මෙම මලසිරුර සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය නගරයේ විසූ යාචකයෙක් බව හඳුනාගෙන ඇති අතර ඔහුට කැස්ස සහ සෙම්ප්රතිෂ්යාව වැළඳී තිබූ බවට තොරතුරු වාර්තාවී තිබෙනවා.
එබැවින් සිරුරේ කොටස් පී.සී.ආර් පරීක්ෂණයන් සඳහා ඇල්පිටිය රෝහල වෙත යොමුකර තිබෙනවා.
මළ සිරුර කොරෝනා රෝගියකු ආකාරයෙන් කරන්දෙනිය ආදාහනාගාරයේදී ආදාහනය කිරිමටයි කටයුතු කර ඇත්තේ.




