Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රකට නිරූපිකාවක වන 39 හැවිරිදි ස්ටෙෆනි ඩුබොයිස් ඇස්ට්‍රාෙසනිකා එන්නත ලබාගැනීමෙන් අනතුරුව දැඩි අසාධ්‍ය තත්වයට පත්ව කෝමා රෝග තත්ව පෙන්නුම් කර මිය යාමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

May be a closeup of 3 people

තමා සයිප්‍රසයේ සිටියදී ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දින කිහිපයකට පසු ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කළ බව මිය යාමට ප්‍රථම සිය රසිකයින් වෙත බ්‍රිතාන්‍ය නිරූපිකාව පවසා තිබුණි.

39 හැවිරිදි ස්ටෙෆනි ඩුබොයිස්, පැෆොස් නගරයේදී එන්නත් මාත්‍රාවක් ලබාගැනීමෙන් පසු “බරපතල ත්‍රොම්බොටික්” රෝග ලක්ෂණ වලට ගොදුරු විය. සයිප්‍රසයේ අගනගරයේ ප්‍රධාන රජයේ රෝහලේ සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ එන්නතට පෙර සිදු කළ පරීක්ෂාවේදී ඇයට නිදන්ගතව පැවති අයහපත් රෝග කිසිවක් හදුනානොගත් බවයි.

මාත්‍රාව ලබාගැනීම සහ ඩුබොයිස්ගේ මරණය අතර ඇති සම්බන්ධය කුමක්දැයි තවම විද්‍යාත්මකව තහවුරු කර නොමැති අතර ඇගේ මරණය යුරෝපීය ඖෂධ ඒජන්සිය (EMA) විසින් විමර්ශනය කරමින් පවතින බව සයිප්‍රස් සෞඛ්‍ය සේවා ප්‍රකාශක චරලම්බොස් චරිලාවෝ පැවසීය.

ඩුබොයිස් එන්නතෙහි පළමු මාත්‍රාව මැයි 6 වන දින ලබා ගත් අතර එම පුවත ෆේස්බුක් හි එදිනම බෙදාහදා ගන්නා ලදී.

ඇය මෙසේ ලියා තිබුණි. “ඉතින් මට අද එන්නත ලැබුණා ! මම ඉඳිකටු වලට අකමැතියි, අදත් ඒකෙ වෙනසක් නැහැ. දැන් මට අමාරු ගතියක් දැනෙනවා.”

එන්නත ලබාගැනීමෙන් පසු පූර්ණ ශරීර කම්පනයෙන් සහ හුස්ම ගැනීමට අපහසුතාවයෙන් සිටි ඇය මැයි 14 වන දින රෝහලට ගෙන ගියාය.

ඒ පිළිබඳව ඇය මෙසේ සටහනක් තබා තිබුණා..

අසනීපෙන් අවදි වූ මට පැයක් ඇතුළත සම්පූර්ණ ශරීර කම්පන ඇති වුණා, මගේ සන්ධි සියල්ලම තෙරපෙමින් තිබෙනවා. මම හුස්ම ගැනීමට වෙහෙසෙමින් සිටිනවා. දිගින් දිගටම හිසරදය සහ කරකැවිල්ලෙන් මගේ ඇටකටු සීතල වෙලා. අම්මයි තාත්තයි මාව බලාගන්න ඇවිත් මාව පරීක්ෂණයකට අරන් ගියා. නමුත් එය තවමත් ගැටලුව කුමක්දැයි පැහැදිලි නොකරයි. සමහර විට මම පසුගිය සතියේ මගේ කොවිඩ් එන්නතේ ප්‍රතිචාරයක් ලෙස මෙය සිදුවුණා විය හැකියි.

මිතුරෙකු වන ඇන්ඩෘ පවර්ස් පවසා ඇත්තේ මැයි 19 වන විට ඇය කෝමා තත්වයට ඇද වැටීමෙන් පසු යළි කථා නොකළ බවයි.

ඇයට මොළයේ රක්තපාතයක් ඇතිවී සෙනසුරාදා දහවල් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුණා.

ලේ කැටි ගැසීමේ රෝග ලක්ෂණ නිසා මාර්තු මාසයේ දී EMA විසින් සමාලෝචනයක් කිරීමට අපේක්ෂාවෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සයිප්‍රසය තාවකාලිකව නතර කර තිබූ අතර නැවත එන්නත් කරන්නට පටන්ගත් පසු මෙම මරණය වාර්තා වීම විශේෂිතයි.

ජර්මනිය, ප්‍රංශය සහ අනෙකුත් යුරෝපා සංගම් සාමාජික රටවල් ද සයිප්‍රසය අනුගමනය කළ නමුත් මාර්තු 18 වන දින නැවත ඇස්ට්‍රාසෙනිකා භාවිතයට හඳුන්වා දෙන ලදී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *