Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සිය රජය චීනය සමඟ සමීප සබඳතා පැවැත්වීමට සූදානම් බව තලේබාන්වරු ප්‍රමුඛ ඇෆ්ගන් නව රජය නිවේදනය කර තිබේ.

චීනය ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ තලේබාන් සංවිධානය ගත් එම තීරණය වඩාත් සාධනීය තත්ත්වයක් වන බවයිි.

චීනය සමග සබඳතා පැවැත්වීමේ අරමුණ වනුයේ ඇෆ්ගන් රාජ්‍යය තුළ ස්ථායී සහ ආරක්ෂිත ව්‍යාපාරික අවස්ථා උදාකිරීම බව තලේබාන් සංවිධානය පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරි පාලන කටයුතු පිළිබඳව අදහස් දැක්වූ ඇෆ්ගන් නව රජය අවධාරණය කර ඇත්තේ කලාපීය වශයෙන් සහ ලොව අනෙක් රටවල් සමග යහපත් සබඳතා පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මෙසේ පිහිට වූ නව ඇෆ්ගන් රජය පුරුෂයින්ගෙන් පමණක් සමන්විත වන අතර හිටපු රජයේ ප්‍රධානීන්ට නැවත සේවයට වාර්තා කරන ලෙස ද ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වල තව දුරටත් වාර්තා වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *