මෙසේ වෙඩි තබා ඝාතනය කොට ඇත්තේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළ විනිසුරුවරියන් දෙදෙනෙකි.ඊයේ දිනයේදී ඔවුන් දෙදෙනා සිය සේවා ස්ථානයට පැමිණෙමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි ප්‍රහාර එල්ලකර ඇත.
මෑතකදී සිටම එරට තුළ සමාජ ක්‍රියාකාරීන්,දේශපාලනඥයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරුසක් මෙසේ තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.
ඝාතනය සම්බන්ධයෙන් මේ වන විටත් කිසිඳු කණ්ඩායමක් වගකීම බාරගෙන නොමැති අතර තලිබාන් සටන්කරුවන් වෙත සැකය එල්ල වී ඇත.
ඇෆ්ගන් රජයේ නියෝජිතයන් සහ තලිබාන් නායකයන් අතර දෝහා හිදී සාම සාකච්ඡා පැවැත් වුණ ද එරට ඝාතන අඩු වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.