Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බ්‍රිතාන්‍ය විසින් සිය හමුදා ගුවන් යානා මගින් සිදු කරන ලද පුද්ගලයින් ගළවා ගැනීම අදින් අවසන් කරන බව බ්‍රිතානය ප්‍රකාශ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් බොලස් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එලෙස අවසන් වශයෙන් ඉවත් කරගැනෙන පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් මේ වන විට කාබුල් ගුවන් තොටුපොළේ ගුවන් පථය වෙත ළඟා වී ඇති බවයිග

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කර සිටියේ හැකිතාක් පුද්ගලයින්ව ගළවා ගැනීමට අවශ්‍ය නමුත් සිය හමුදා සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලිය ඉදිරි පැය කිහිපය තුළ දී අවසන් වන බවයි.

ඇමරිකානු භටයින් 13 ඇතුළුව 90 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සහ 150 දෙනෙකුට තුවාල කරමින් ඊයේ කාබුල් නුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළට එල්ල වූ අයි.එස්.අයි.එස් ප්‍රහාරයෙන් පසුව නැවතත් පුද්ගලයින් ඉවත් කරගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී.

ලක්ෂයකට අධික පිරිසක් මේ වන විට ඉවත් කරගෙන ඇති අතර දැන් ප්‍රමුඛත්වය දී ඇත්තේ නේටෝ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ හමුදා ඉවත් කරගැනීමට බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *