Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇෆ්ඝනිස්තානය තලේබාන් පාලනයට නතු වීමෙන් අනතුරුව එරටින් විශාල පිරිසක් වෙනත් රටවලට සරණාගතයින් ලෙස පලා යන ලදී.

මෙසේ රටින් පලා යන ඇෆ්ඝන් කාන්තාවක් විසින් අඩි 30000ක් උඩු ගුවනේදී ඇය ගමන් කරමින් සිටි ගුවන් යානයේදී මෙම දරු ප්‍රසූතිය සිදු කර ඇත.

එංගලන්තයේ අනුග්‍රහයෙන් කාබුල් ගුවන්තොටුපොළ හරහා බර්මින්හැම් කරා ගමන් ගන්නා ගුවන් යානයක දී මෙම දරු උපත සිදූ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබයි.

දරු ප්‍රසූතිය සිදු කරන අවස්තාවේ දී යානය තුළ වෛද්‍යවරයෙකු සිට නොමැති අතර කාර්යය මණ්ඩලයේ සහයෙන් අදාළ කටයුතු සිදු කර ඇත.

දරු ප්‍රසූතියෙන් අනතුරුව යානය කුවේට් රාජ්‍යයෙහි ගොඩබස්වා ඇති අතර හවස් කාලයේදී දරු උපත සිදු වූ නිසා එම බිළිඳාට සන්ධ්‍යාව යන අරුත ඇති “හවා” යන නම තබා ඇති බව ද වාර්තා වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *