Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තලෙයිබාන් සේනාංක ඇෆ්ඝන් අගනුවර වන කාබුල් නුවරට ඇතුළු වීමත් සමග මුළු ඇෆ්ඝනිස්තානයම සටන්කාමීන්ගේ අතට පත්විය.

සටන්කාමීන් ජනපති මැදුරේද බලය අත්පත් කරගත් නිසා ඇෆ්ඝන් ජනපති අශ්රෆ් ඝානි තජිකිස්ථානයට පලා ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලෙයිබාන්වරු විසින් එරට බලය අත්පත් කරගැනීමෙන් පසුව ජනපති අශ්රෆ් සමග බලය හුවමාරුව පිළිබඳ සාකච්ඡා ඇති වූ බවත් ඉන් අනතුරුව ඔහු මෙසේ තජිකිස්ථානයට පලා ගිය බවද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට කාබුල් නගරයේ වැසියන්ගෙන් කොටසක් තලේබාන්වරුන්ගේ පැමිණීම පිළිබඳව ප්‍රීතියෙන් පසුවන බවයි.

මේ අතර තවත් ජන කොටස් නගරයෙන් පළායාමට උත්සහ කරන බවද වාර්තා වේ.

ඇමරිකානු තානාපති කර්යාලය ද ඉවත් කර ඇති අතර රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කියා සිටියේ මෙය 1975 දී සයිගොන්වල දී සිදු වූ ආකාරයේ පළායාමක් නොවන බවයි.

ඇෆ්ඝනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන ලදී.

මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ තලෙයිබාන් කැරලිකරුවන් ඇෆ්ඝනිස්ථානය අත්පත්කරගැනීම හේතුවෙන් එහි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමේ කටයුතු කාබුල් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය හරහා සැලසුම් කරමින් සිටින බවයි.

මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු පමණ ඇෆ්ඝනිස්ථානයේ සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, ඔවුන් ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් එම පහසුකම් සැලසීමට ලංකා රජය සූදානම් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *