පශ්චාත් උපාධි සඳහා විදෙස් ගතව යළි විශ්වවිද්‍යාලවලට නොපැමිණ සිටින 500ක් පමණ වන ආචාර්යවරුන් සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සූදානම් වෙනවා.
ගිවිසුම් කඩ කරමින් වසර ගණන් විදෙස්ගතව සිටින එම ආචාර්යවරුන් මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට ගැනීමේ නව නීති සකස් කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
විදෙස් ගතව සිටින පැමිණ විශ්වවිද්‍යාලවලට නොපැමිණෙන්නන්ගෙන් වුවද ගිවිසුම් ප්‍රකාරව මුදල් අය කර ගැනීමේ නිසා ක්‍රමවේදයක් නොමැති බව සඳහන්.
එලෙස විදෙස්ගතව සිටින කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් 20 දෙනකුගෙන් රුපියල් නව කෝටි හැත්තෑ දෙලක්ෂයක් අය විය යුතුව තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 42ගෙන් අයවිය යුතුව තිබෙන මුදල රුපියල් එකොළොස් කෝටි තිස් හත් ලක්ෂයකට අධිකයි.
මීට අමතරව විදෙස් ගතව සිටින මොරටුව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් 37 දෙනකුගෙන් අයවිය යුතුව තිබෙන මුදල් රුපියල් හත් කෝටි හැට අට ලක්ෂය ඉක්මවන බවයි වාර්තා වන්නේ